Foyle Young Poet of the Year සම්මානයෙන් ශ්‍රී ලාංකික තරුණියක් පිදුම් ලබයි

0
12

15 හැවිරිදි එලානියා සිවසුබ්‍රමනියම් (Ellanya Sivasubramaniam) විසින් රචිත “The Girls Who Grow Antlers” නමැති කවිය, රටවල් 135 කින් ඉදිරිපත් වූ 28,344 කින් යුත් විශාල කාව්‍ය සංඛ්‍යාව අතරින් හොඳම නිර්මාණ 15 (Top 15) අතරට තේරී පත්විය. ‘The Poetry Society’ ආයතනය විසින් සංවිධානය කර ‘The Foyle Foundation’ හි අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම වාර්ෂික තරගය, වයස අවුරුදු 11 ත් 17 ත් අතර තරුණ ලේඛකයින් වෙනුවෙන් පැවැත්වෙන ලොව තරගකාරී සාහිත්‍ය සම්මානයකි.

ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදහස් දැක්වූ එලානියා, මෙම ජයග්‍රහණය සිහිනයක් බඳු අත්දැකීමක් බව පැවසුවාය.

ජයග්‍රාහකයින් නිල වශයෙන් ඇගයීමට ලක් කළ සම්මාන උළෙල ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී (British Library) පැවැත්විණි. මෙම තරුණ කිවිඳිය දැන් අනෙකුත් ජයග්‍රාහකයින් සමඟ Shropshire හි ‘The Hurst’ හි පැවැත්වෙන සතියක නේවාසික ලේඛන පාඨමාලාවකට එක්වන අතර, ඇගේ කවිය ලබන වසන්තයේදී එක්සත් රාජධානිය පුරා පාසල් සහ පුස්තකාල වෙත බෙදා හරින මුද්‍රිත කාව්‍ය සංග්‍රහයක ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මෙම තරගය සඳහා බොට්ස්වානා, ෆීජි, වියට්නාමය, වෙනිසියුලාව සහ එක්සත් රාජධානිය වැනි විවිධ රටවලින් නිර්මාණ ඉදිරිපත් වී තිබූ අතර, දේශපාලනය, කලාව, භාෂාව, අනන්‍යතාවය සහ අයිතිය වැනි තේමාවන් ඒ ඔස්සේ ගවේෂණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here