“ජීව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සටන් බිම වෙන් විය යුතුයි” – Trans ක්‍රීඩකයන්ට එරෙහිව, හිටපු ලෝක ශූරිය දැඩි ස්ථාවරයක

0
36

කාන්තා සටන් ක්‍රීඩා ජීව විද්‍යාත්මකව කාන්තාවන් සඳහා පමණක් දැඩිව වෙන් විය යුතු බව ප්‍රකාශ කරමින්, ඕස්ට්‍රේලියානු වෘත්තීය බොක්සිං ක්‍රීඩිකා සහ හිටපු ලෝක ශූරිනී එබනි බ්‍රිජර්ස් (Ebanie Bridge) සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩකයන් සමඟ තරග වැදීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබේ.

ආරක්ෂාව, ශාරීරික සාධාරණත්වය සහ කායික වෙනස්කම් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ඇය, බොක්සිං වැනි ස්පර්ශක ක්‍රීඩාවලදී සංක්‍රාන්තික කාන්තාවන්ට කාන්තා කාණ්ඩ යටතේ තරග කිරීමට ඉඩ ලබා දීමෙන් බරපතල ශාරීරික අවදානම් මතු වන බව පෙන්වා දෙයි. ‍සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් කෙරෙහි පුද්ගලික තරහක් නොමැති බව පවසන ඇය, කාන්තා ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම සහ සාධාරණ තරගකාරී පසුබිමක් පවත්වා ගැනීම මූලික විය යුතු බව අවධාරණය කළාය.

ඇයගේ මෙම විවෘත ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සමාජභාවී සුදුසුකම් නොව ජීව විද්‍යාත්මක ලිංගික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ දැඩි කතාබහක් යළිත් ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here