ඉතිහාසයක්‌ අලුත් කළ ඒක්තා බිෂ්නෝයි World Masters Classic Powerlifting Championships 2026 රන් පදක්කම් තුනක් දිනා ගනී

0
23

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති World Masters Classic Powerlifting Championships තරගාවලියේදී රන් පදක්කම් තුනක් දිනා ගනිමින් ඉන්දියානු ආදායම් සේවා (IRS) නිලධාරිනී ඒක්තා බිෂ්නෝයි ඉතිහාසගත වී තිබේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ඇය, මාස්ටර්ස්-2 කාණ්ඩය යටතේ රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ඉන්දියානු කාන්තා ‌බර ඉසිලීමේ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්විය.

ජපානයේ සහ කැනඩාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් පරාජය කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගත් ඇය, සමස්ත බර කිලෝග්‍රෑම් 362.5 ක් ඔසවමින් දස්කම් දැක්වීය. Squat ඉසව්ව අවසන් වන විට කිලෝග්‍රෑම් 20 ක වාසිදායක පෙරමුණක් ලබා ගැනීමට ඇය සමත් වූ අතර,Bench Press ඉසව්ව පුරාම එම ලකුණු පරතරය ආරක්ෂා කර ගැනීමට සමත් විය. අනතුරුව කිලෝග්‍රෑම් 150 ක සාර්ථක Deadlift උත්සාහයක් සමඟ ඇය ඉන්දියාව වෙනුවෙන් මෙම රන් පදක්කම තහවුරු කර ගත්තාය.

නිලධාරිනියක ලෙස තම රාජකාරී කටයුතුවල නිරත වෙමින්ම, දැඩි කැපවීමකින් යුතුව මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ඒක්තා බිෂ්නෝයි සමත් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here