වසර 22ක් පැරණි වාර්තාවක් අලුත් කරමින් තරුෂි අභිෂේකාගෙන් අලුත් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා වාර්තාවක්!

0
28

2026 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ (All Island School Athletic Championship 2026) මීටර් 1500 කාන්තා ඉසව්වේ වසර 22ක් පැරණි වාර්තාවක් බිඳ හෙලමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට තරුෂි අභිෂේකා සමත් වී තිබේ. එහිදී මිනිත්තු 4:34.5 ක දක්ෂතාවක් දක්වමින් ඇය මෙම නව වාර්තාව පිහිටුවූවාය.

මීට පෙර මෙම ඉසව්වේ පැවති වාර්තාව වූයේ 2004 වසරේදී ජාතික වාර්තා ලාභී ගයන්තිකා අබේරත්න තබා තිබූ මිනිත්තු 4:40.33ක වාර්තාවයි. ඒ අනුව වසර 22කට පසුව එම වාර්තාව තමුන් සතු කරගැනීමට තරුෂි අභිෂේකා සමත්වීම විශේෂත්වයකි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට මඟපෙන්වීම ලබාදුන් පුහුණුකරු වූයේ බුද්ධික නුවන්තයි.
වසර ගණනාවකට පසු තැබූ මෙම නව වාර්තාවත් සමගින් තරුෂි අභිෂේකා වෙත සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම පැසසුම් හිමිවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here