අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දෙමින් සිදුකළ මරණ දණ්ඩන උත්සාහයෙන් බේරුණු 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැත්තිය, ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව ගොස් යළි බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ඇයට ‘Pentobarbital’ නමැති මාරාන්තික ඖෂධය අවස්ථා දෙකකදී එන්නත් කළද, ඇය මියගියේ නැත. ඉන් දැඩි ලෙස අසාධ්‍ය වූ ඇය දින දහයකට ආසන්න කාලයක් රෝහල්ගතව දැඩි ප්‍රතිකාර ලැබූ අතර, ඇයගේ නීතිඥයන් සඳහන් කළේ ඇය මේ වනවිට දශක තුනකට අධික කාලයක් රඳවා සිටි ඩෙබ්රා කේ. ජොන්සන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙතම නැවත යවා ඇති බවයි.
වසර 200කට පසු ටෙනිසි ප්‍රාන්තය තුළ කාන්තාවකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මාරාන්තික එන්නත් ක්‍රමයකින් ජීවිතය බේරාගත් එකම සිරකාරිය ලෙසද ඇය ඉතිහාසයට එක්වෙයි. 1995 වසරේදී 19 හැවිරිදි කොලින් ස්ලෙමර් ඝාතනය කිරීමේ වරදට 1995 වසරේදී ඇයට මෙම දඬුවම නියම විය. මෙම සිදුවීමත් සමඟ ටෙනිසි ආණ්ඩුකාරවරයා විසින් එරෙහිව පරීක්ෂණයක් පවත්වමින් මේ වසරේ ඉතිරි කාලය සඳහා මරණ දණ්ඩන ක්‍රියාත්මක කිරීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සටහන | කල්පනී ෂමල්කා
වැඩිදුර විස්තර සඳහා
Christa Pike Survives Two Lethal Doses Of Pentobarbital https://www.youtube.com/watch?v=gEtdB5RnJME




