Vital Voices 4 වැනි වාර්ෂික ‘Women’s Global Embassy Festival’ උළෙල ඔක්තෝබර් 28 දින Washington D.C. හිදී

0
9

ලොව පුරා සිටින නව අදහස් දරන්නියන් , හවුල්කාරිනියන් සහ ක්‍රියාකාරිනියන් එකතු කරමින් පැවැත්වෙන 4 වැනි වාර්ෂික Women’s Global Embassy Festival උළෙල පැවැත්වීමට Vital Voices සංවිධානය සූදානම් වේ. මේ වසරේ එහි තේමාව “Women at the Heart of Solutions” යන්නයි.

ලොව පුරා කාන්තා නායකත්වයේ අනාගතය හැඩගස්වන මේ සුවිශේෂී උළෙල එළැඹෙන ඔක්තෝබර් 28 වන අඟහරුවාදා දින පෙ.ව. 8:30 සිට ප.ව. 5:30 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ Washington, D.C. හිදී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය වසර 30 කට ආසන්න කාලයක් පුරා Vital Voices සංවිධානය ලොව පුරා සිටින කාන්තා නායිකාවන් හඳුනා ගනිමින්, ඔවුන් වෙනුවෙන් ආයෝජනය කරමින් සහ ඔවුන් බලගන්වමින් කටයුතු කර ඇත. ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක ගැටලුවලට විසඳුම් සෙවීමේ පෙරමුණ ගන්නා කාන්තාවන් එකතු කිරීම, සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ හඬ ඉස්මතු කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණයි. මෙම වාර්ෂික උළෙල එම දීර්ඝ ගමනට සහ අනාගතයට කරන උපහාරයකි.

මෙම දවසේ වැඩසටහන තුළ වර්තමාන සමාජයට ඉතා වැදගත් වන ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ අතර කාන්තා සෞඛ්‍යය සහ ආර්ථික ආරක්ෂාව, අන්තර්ජාල හිංසනය මැදීම සඳහා ඇති අභියෝග මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ කාන්තා නායකත්වය කෙරෙහි ඉස්මතු වන ඒකාධිපතිවාදී ප්‍රවණතාව හා එහි බලපෑම වැනි වැදගත් මාතෘකා රැසක් සාකච්ඡාවට බඳුන් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here