කාන්තා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කාන්තා වෛද්‍යවරුන්ගෙන් වැඩි දායකත්වයක් – නව අධ්‍යයනයකින් හෙළි වෙයි

    0
    18

    කාන්තා රෝගීන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන විට, ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාත් කාන්තාවක් නම් ජීවිත බේරා ගැනීමට ඇති හැකියාව වැඩි බව නව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

    Annals of Internal Medicine නම් වෛද්‍ය සඟරාවේ පළ කර ඇති මෙම අධ්‍යයනය මඟින් වසර තුනක කාලයක් තුළ මෙඩිකෙයා (Medicare) රක්ෂණලාභීන් වන රෝගීන් පිරිසක් නිරීක්ෂණය කර ඇති අතර, තරුණ ජනගහනය සඳහා මෙම ප්‍රතිඵල වෙනස් විය හැකි බවද පෙන්වා දී ඇත. මෙම අධ්‍යයනයට ලක් වූ රෝගීන් 2016 සහ 2019 අතර කාලය තුළ විවිධ රෝගී තත්වයන් නිසා රෝහල්ගත කර ප්‍රතිකාර ලැබූවන්ය.

    එමෙන්ම, කාන්තා වෛද්‍යවරියකගේ ප්‍රතිකාර යටතේ සිටින කාන්තා රෝගීන් යළිත් රෝහල්ගත වීමේ (Readmit වීමේ) සම්භාවිතාව අඩු බවද පර්යේෂකයෝ සොයා ගත්හ.

    මෙම ප්‍රතිඵල අතර ඇත්තේ සියයට කාලක (0.25%) සුළු වෙනසක් වුවද, එවැනි කුඩා වෙනසක් පවා සංඛ්‍යාත්මකව ඉතා වැදගත් හා සැලකිය යුතු මට්ටමක පවතින බව පර්යේෂකයෝ පවසති.

    උපුටාගැනීම

    Annals of Internal Medicine Research Journal

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here