ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ ජීවමාන පුරාවෘත්තය ! කුමාරි ජයවර්ධන 

Author

Categories

Share

 ශ්‍රී ලංකාවේ සමාජීය, දේශපාලන, බුද්ධිමය හා ශාස්ත්‍රීය කතිකාවන්ට දශක ගණනාවක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ප්‍රකට විද්වතියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන වෙත උපහාර පිදීමේ විශේෂ උළෙලක් පසුගිය ජූනි 02 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

මෙම උළෙල සංවිධානය කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසිනි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ස්ත්‍රීවාදය, ජාතිකවාදය, කම්කරු ව්‍යාපාර සහ යටත්විජිත අත්දැකීම් පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි ආචාර්ය ජයවර්ධන සිදු කළ ප්‍රබල බුද්ධිමය මැදිහත්වීම් ඇගයීම මෙම අවස්ථාවේ අරමුණ විය.

උළෙලේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. “ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී කත” යන තේමාව ඔස්සේ ඉදිරිපත් කළ දේශනයේදී ආචාර්ය කුමාරි ජයවර්ධනගේ පර්යේෂණ, ලේඛන සහ විවේචනාත්මක චින්තනය ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යාත්මක සංවාදයන්ට එක් කළ බලපෑම විස්තර කෙරිණි.

මෙම දේශනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කළ කුඩා පොත් පිංචක් ද එදින ජනගත කෙරිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන්, සිසුන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ බුද්ධිමතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආචාර්ය කුමාරි ජයවර්ධනගේ කෘති හා අදහස් අද දිනත් පර්යේෂකයන්, ශිෂ්‍යයන් සහ සමාජ ක්‍රියාකාරීන් සඳහා ප්‍රබල බුද්ධිමය ආශ්වාදයක් සපයන අතර, ඇයගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ශාස්ත්‍රීය සම්ප්‍රදායේ වැදගත් මංසලකුණක් ලෙස සැලකේ.

 මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ඉදිරිපත් කරන ලද  දේශනය ඇතුලත් කෘතිය මෙතනි ලබාගන්න.

Author

Share