ශෘංගාර විප්ලවය ඇරඹේ …

0
22

ශෘංගාර ඉරොතික සඟරාව 09 වෙනිදා නිදහස් වෙනවා. ඒක ලංකාවෙ මුද්‍රිත සාහිත්‍යයේ වෙනස් පිටුවක් පෙරලාවි. කියවන දකින අන්තර්ගතයෙන් වගේම ඇගිලි තුඩුවලට දැනෙන ස්පර්ශයෙන් පවා වෙනසක් කරන්නයි අපේ වෑයම.


ශෘංගාර ව්‍යායාමයකදි  බලාපොරොත්තු විය යුතුම පරිද්දෙන් ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙන්නෙ සීමිත පිරිසකටයි. ඒ කියන්නෙ මුද්‍රණ ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මුදාහැරෙන්නෙ. ඉක්මණින්ම දැනුම් දෙන pre-order ක්‍රමය හරහා කැමති අයට තමන්ගේ පිටපත වෙන් කරවා ගන්න පුළුවන්.

මුද්‍රණයෙන් ලබා ගැනීමට අපහසු අයට ඔන්ලයින් පිටපත ලබාගැනීමට ක්‍රමයකුත් සකස් වෙනවා. නමුත් ශෘංගාරය පවතින්නේ සමීපත්වය, ස්පර්ශය සහ දැනීම තුල බව පසක් කරමින් මෘදු පිටපත ඔබව මුද්‍රිත පිටපතක ආශාවෙන් පොළඹවන්නට ගනීවි.

මේ වෙනුවෙන් විශාල ලේඛකයො ‍ප්‍රමාණයක් එකතු වුනා. ඒ නිසාම ඒක වෙනස් වෙනස් පාඨක පිරිස්වල අනුරාග නිමේෂයන්ට ආමන්ත්‍රණය කරාවි. ශෘංගාරය ආස්වාද කරන, විඳින, බෙදන, දියුණු සංස්කෘතික ජීවිතයකට දොරටු මේ පිටු මතින් විවෘත වේවි. 

ශෘංගාර- චින්තන ධර්මදාස සංස්කරණයක්
රැඩිකල් මැද සාමූහික ව්‍යායාමයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here