සඳැස් කවිය කියන්නෙ විශේෂිත ශබ්ද නීති, මාත්‍රා (ගුරු – ලඝු) ක්‍රම සහ විරිත් රටා අනුගමනය කරමින් රචනා කරන පද්‍ය වර්ගයක්.
ඒවායේ අර්ථය මෙන් ම නාද රටාව ද එකසේ කැපී පෙනෙන පරිදි නිර්මාණය විය යුතුයි කියල මතයක් තිබෙනවා.
සඳැස් කවියට එහෙම වුණාට නිසඳැස් කවිය හෙවත් නිදහස් කවියට එහෙම නීති රීති නැහැ. නමුත් ඒ කවිවල වුණත් ලියන පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ම කිසියම් රිද්මයක් ගැබ් විය හැකියි.
ඇතැම් නිදහස් කාව්‍ය රචනා කරන පුද්ගලයින් පවා සඳැස් කවියක් ලියද්දි එහි අන්තර්ගත විය යුතු යැයි සැලකෙන කාව්‍ය ලක්ෂණ රකින්නට උපරිමයෙන් ම උත්සාහ කරනවා. ඒ සඳහා මෑතක මා දුටු හොඳම උදාහරණය නන්දනී රත්නායක කිවිඳිය ගේ ‘ඒ රෝස පැහැති ෆයිල් කවරය’ කාව්‍ය සංග්‍රහය යි.
එම කෘතිය තුළ අන්තර්ගත බහුතරයක් නිර්මාණ අයත්වන්නේ නිදහස් ආරට; නමුත් එම කවි තුළ පවා කිසියම් ධ්වනියක්, රිද්මයක් සහිත නිර්මාණ පවතිනවා. ඒ සමග ම ඇය එහි අන්තර්ගත කරන ‘තවත් එක් කතාවක්’ නමැති කවි පංතිය සඳැස් කවි ආරෙන් ලියුවක්. එහි දී ඇය සඳැස් කවියෙහි අන්තර්ගත විය යුතු යැයි සැලකෙන සියලු ලක්ෂණ අන්තර්ගත කරන්නට සමත්ව තිබෙනවා.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ කාව්‍ය සංග්‍රහය රචනා කළ නන්දනී රත්නායක කිවිදිය යි.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
(සටහන – ජයසිරි අලවත්ත)




