
“මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම” (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි)
“තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න” (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න)
රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන චන්ද්‍රිකා වන්නිආරච්චි සහ ගයත්‍රී ජයමාන්න බීබීසී සිංහල සමග සිය අත්දැකීම් බෙදා ගැනීමට එක් වූහ.
ඔවුන් දෙදෙනාගෙන් චන්ද්‍රිකා වන්නිආරච්චි නග්න සිතුවම් සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරන අතර, ගයත්‍රි ජයමාන්න නග්න ඡායාරූප සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරයි.
මෙහිදී අදහස් දක්වන නිරූපිකාවන් දෙදෙනා සමාජය අසම්මත ලෙස පිළිගන්නා රැකියාවක නිරත වීම හේතුවෙන් ඔවුන් මුහුණ දුන් පීඩනයන්, හැඟීම් සහ රැකියාවේ ස්වභාවය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගනිති.
BBC News සිංහල YouTube නාලිකාව ඔස්සේ මෙහි සම්පූර්ණ වීඩියෝව නරඹන්න
නිෂ්පාදනය, කැමරාකරණය සහ සංස්කරණය: හරිනි දිසානායක, සිදේෂ් අනුරංග