වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් හා බන්ධනාගාර දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් ගේ සුව දුක් විමසීම සඳහා කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඊයේ (1) එම බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහනක් පහතින්,
“රටේ කුමන ස්ථානයක, කුමන තත්ත්වයක, කුමන සමාජ ස්ථරයකට අයත්ව සිටිය ද දරුවන් යනු මෙලොව වටිනාම සම්පතයි. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යනු මෙරට සෑම දරුවෙකුගෙම අයිතියයි. ඉතින් 2025 නව වසර උදාවේදීම එවන් මල් කැකුළු පිරිසක් වෙත නව වසරට සුබ පැතුම්ද රැගෙන මමත්, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාත්, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියත් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායම වැලිකඩ බන්ධනාගාරය වෙත ගියෙමු.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් හා බන්ධනාගාර දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් හමුවී ඔවුන් ගේ සුව දුක් විමසීම් සිදු කළ අතර ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව සූදානම් කළ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් ඔවුන් වෙත ලබා දීමද සිදු කළෙමු.
මෙම කාන්තා රැඳවියන් හට ජීවිතයේ නොලැබුණු සුරක්ෂිත සමාජය ඔවුන්ගේ දරුවන් වෙත හිමි කර දීම රජයක් ලෙස අපගේත්, සමාජයක් ලෙස ඔබගේත් පුරවැසි වගකීමකි. මෙම මල් කැකුළු මිලින වන්නට ඉඩ නොදී ආදරයෙන් රැක බලාගන්නා, ආකල්පමය අතින් සංවර්ධනය වූ “Clean SriLanka” වක් ගොඩ නැගීම අපගේ බලපොරොත්තුවයි.
අද දින මෙම කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා සහය දුන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ සියළුම අනුබද්ධ ආයතනයන්හි නිලධාරී මහත්ම මහත්මීන් වෙතත්, බන්ධනාගාර මූලස්ථානය සහ වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරී මහත්ම මහත්මීන් වෙතත් ගෞරවණීය ස්තූතිය පළ කරමි.
(රැඳවියන්ගේ සහ දරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම උදෙසා ඔවුන්ගේ මුහුණු අඳුරු කොට ඇති බව කරුණාවෙන් සළකන්න.)”