නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ්

0
14

පරිගණක ක්ෂේත්‍රයෙහි රැකියාව කරමින් තරුණියන්ගේ නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් තිස්සේ තරුණියන් බිය ගැන්වූ බව කියන මතුගම තරුණයකු
ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(25) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ තරිඳු දිල්රංග නමැති තරුණයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක කරණු දක්වමින් කියා සිටියේසැකකරු විසින් එමි අංක වැරදි ව්‍යාජ අන්තර්ජාල සබඳතා සහ දුරකථන භාවිතා කරමින් තරුණියන්ගේ දුරකථනයන්ට (හැක්කර ) අනවසරයෙන් ඇතුළු වී නිරුවත් වීඩියෝ බාගත කරගෙන ඇති බවය.එසේ බාගත කරගත් වීඩියෝ තරුණියන්ගේ
වට්ස් ඇප් අංකය වෙත යොමු කර එවැනි නිරුවත් දර්ශන ඉල්ලා ඇති බවත්, එසේ නොකළහොත් පවතින වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවටත් සැකකරු විසින් පැමිණිලිකාර තරුණියන්ට තර්ජනය කර ඇති බවයි.

කළුතර හා පානදුර ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු 2023 වසරේදි කරන ලද පැමිණිලි අනුව විමර්ශනයකර සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසුවා.

සැකකරු විසින් එමි අංක හඳුනා ගැනීමට නොහැකි දුරකථන සබඳතා සහ දුරකථන භාවිතා කරමින් මෙම අපරාධ සිදුකර ඇතිි බවත්,වි. පි.එන් ඔස්සේ ෆෙස්බුක් හා වට්ස් ඇප් පහසුකම් ලබාගෙන ඇති බවත්,අධිකරණ නියෝග පරිදි අදාළ තොරතුරු ෆේස්බුක් සමාගම විසින් ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසුවා.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරු ලැබෙන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here