ලංකා ගමනාගමන මණ්ඩලය ඊයේ කොන්දොස්තරවරියන් 19 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කළා.
ඒ කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී යි.
පළමුවරට ලංකා ගමනාගමන මණ්ඩලයට බඳවාගත් මෙම කොන්දොස්තරවරියන් අධිවේගී මාර්ගවල සේවය කරනු ඇති.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්‍රධානය සිදු කෙරුණා.
පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී තිබෙනවා.




