ඉරාන – එක්සත් ජනපද සාකච්ඡා ඇරඹේ. ඕමානය මැදහත් පාර්ශවය සේ කටයුතු කරනමුත් සාකච්ඡා සාර්ථකත්වය තවමත් අවිනිශ්චිත ය.
ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ තියුණු අභියෝගයට ලක් කෙරේ. ඒ හේතුවෙන් සහ සාකච්ඡා න්‍යාය පත්‍රයට අන්‍ය කරුණු ඇතුළත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කිරීමෙන්, ද්වී පාර්ශ්වීය කතා බහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගිලිහී පුළුල් මැද පෙරදිග ගැටුමක් තෙක් වර්ධනය වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
දෙපිරිස මූලිකව රැස් වූවද, නිල කතා බහ මෙතෙක් ප්‍රමාදව පවතින බව ඉරාන රාජ්‍ය නිලධරයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ඉරාන ඉල්ලීම් ඕමානය මගින් එක්සත් ජනපද පාර්ශවය වෙත දන්වා යවා තිබේ. ඉහළ පෙළ එක්සත් ජනපද නියෝජිතයා සහ ඉරාන විදේශ අමත්‍යවරයා අතර හමුවකින් අනතුරුව වක්‍ර සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත ය.
ද්වී පාර්ශ්වීය සාකච්ඡා වෙත සිදු කෙරෙන කිනම් ආකාරයේ හෝ එක්සත් ජනපද මධ්‍යම අණ මධ්‍යස්ථාන නියෝජිත සහභාගිත්වයක් වේ නම්, එම සාකච්ඡා කඩාකප්පල් වන බව ඉරානය අවධාරණය කර සිටී.

සාකච්ඡා, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සහ එක්සත් ජනපද මැද පෙරදිග විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් ගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව, ඉරාන රජය අවධාරණය කරයි. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිත ය.
සාකච්ඡා අසාර්ථක වුවහොත් “බොහෝ නරක දේ” සිදු විය හැකි බව, ජනපති ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබේ.
” මේ සාකච්ඡා අතරතුර අප ඉරානයට එක් දෙයක් සිහි කැඳවීමට කැමතියි. එනම්, ලෝක ඉතිහාසයේ අති බලසම්පන්නම හමුදාවේ අණ ප්‍රධානී ලෙස කටයුතු කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා සතුව, ගැටළුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික පියවරට ඔබ්බෙහි තවත් විසඳුම් රැසක් ඇති බවයි,” ධවල මන්දිර මාධ්‍ය ලේකම්, කැරොලයින් ලීවිට් ඊයේ (5) කියා සිටියාය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)




