ඉන්දු-ශ්‍රී ලංකා කාන්තා අව­සන් සටන අදයි (30)

0
17

සංචා­රක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සහ ඉන්දීය කාන්තා කණ්ඩා­යම අතර තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය අද (30) රාත්‍රී 7.00ට තිරු­වා­න­න්ත­පු­ර­ම්හිදී පැවැත්වේ.

මේ වන විට සත්කා­රක ඉන්දීය පිල 4-0ක් ලෙස තර­ගා­ව­ලිය ජය ගෙන සිටින බැවින් ශ්‍රී ලංකා පිලට අද 5-0ක අව­මන් සහ­ගත පරා­ජ­ය­කින් ගැල­වීමේ සට­නක නිරත වීමට සිදුව තිබේ.

මේ දෙපිල අතර තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වෙන දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර දෙපිල අතර 2018 වසරේ තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යක් පවත්වා තිබේ. එහිදී ඉන්දි­යාව 4-0ක ජයක් වාර්තා කර තිබුණේ එක් තර­ග­යක් විස­ඳු­ම­කින් තොරව නිමා වීම හේතු­වෙනි. එබැ­වින් පූර්ණ පරා­ජ­ය­කින් වැළ­කී­මට ශ්‍රී ලංකා පිලට අද තර­ගය ජය ගැනීම අනි­වාර්ය වී තිබේ.

මේ අතර පිති­කා­රි­නි­යන්ගේ සට­නක් බවට පත් වූ දෙපිල අතර සිවු­වැනි විස්සයි20 තර­ග­යෙන් ඉන්දීය පිලට ලකුණු 30ක ජයක් අත් විය. මේ තරග සංචා­ර­යේදී පළමු වරට ප්‍රති­වා­දීන්ට සට­නක් දීමට ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ සමත් වූ මේ තර­ග­යේදී දෙපි­ලම සිය විස්සයි20 තරග බිමේ ඉහ­ළම ලකුණු වාර්තා කිරී­මට කැපී පෙනිණි.

තිරු­වා­න­න්ත­පු­ර­ම්හිදී පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ඉන්දීය පිල කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු 221 හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අව­සා­නයේ කඩුලු 6ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.

සිය 150 වැනි ජාත්‍ය­න්තර විස්සයි20 තර­ග­යට එක් වූ නායිකා චමරි අත­පත්තු ශ්‍රී ලංකා පිළි­තුරු ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන්නේ පන්දු 37කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කර­මින් ලකුණු 52ක් රැස් කර­මිනි. එය ඇයගේ 14 වැනි විස්සයි20 අර්ධ ශත­කය විය. පන්දු 33කින් ලකුණු 59ක් එක් කර­මින් චම­රිට අනගි සහා­යක් දීමට හසිනි පෙරේරා සමත් වූයේ පන්දු 20කින් ලකුණු 33ක් රැස් කර­මිනි.

ඉන් නොනැ­ව­තුණු චමරි දෙවැනි කඩු­ල්ලට ඉමේෂා දුලානි (29) සම­ඟින් ද ලකුණු 57ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟු­වාය. හර්ෂිතා සම­ර­වි­ක්‍රම පන්දු 13කින් ලකුණු 20ක් සහ නිල­ක්ෂිකා ද සිල්වා පන්දු 11කින් නොදැවී ලකුණු 23ක් රැස් කළ ද ජය­ග්‍ර­හ­ණය සඳහා ප්‍රමා­ණ­වත් නොවිණි. පන්දු යැවී­මේදී විශ්නාවි ශර්මා සහ අරු­න්දති රෙඩ්ඩි කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල මේ තර­ග­යේදී රැස් කළ ලකුණු 191 විස්සයි20 ජාත්‍ය­න්තර පිටියේ රැස් කළ ඉහ­ළම ලකුණු සංඛ්‍යාව විය. පළ­මුව පන්දු­වට පහර දුන් ඉන්දීය පිල වෙනු­වෙන් වාර්තා­ගත සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ ස්මිත්‍රි මන්දනා සහ ෂෆාලි වර්මා පළමු කඩු­ල්ලට පන්දු 92කින් ලකුණු 162ක් රැස් කර­මිනි.

මෙය ඉන්දීය කාන්තා විස්සයි20 ඉති­හා­සයේ ඕනෑම කඩු­ල්ලක් වෙනු­වෙන් ගොඩ­නැඟූ ඉහ­ළම සබ­ඳ­තාව විය.

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here