හිරුණිකාගෙන් තවත් බෝම්බයක්

0
69

සජබ සහ එජාප සංධානගත වේ නම් එහි නායකත්වය සජිත් ප්‍රේමදාස දැරිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබෙනවා .

රනිල් වික්‍රමසිංහ එහි උපදේශක තනතුරක සිටිය යුතු යැයිද ඇය කියා සිටියා .

තවද ටෙලිෆෝනය ලකුණෙන් සංධානය ඉදිරියට යා යුතු බවයි ඇය අවධාරණය කළේ .

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන 40 ක් සහිත ප්‍රධාන විපක්ෂය ලෙස සිටින්නේ සමගි ජන බලවේගය බවත් , එජාප නියෝජනය කරමින් ඉන්නේ එක මන්ත්‍රීවරයෙකු බවත් සදහන් කල ඇය එයද සිලින්ඩරය නියෝජනය කරමින් බවයි සඳහන් කළේ .

මේ අවස්ථාවේදී තම පක්ෂය සමඟ එකතු වීම එජාපයට වඩා වාසි සහගත බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here