නිව් යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්‍යාලයේ මිනිස්ටර් කවුන්සිලර් තනතුරට අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ බිරිද වන මාධ්‍යවේදී සොනාලි සමරසිංහ පත් කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ පළමු බිරිඳ වන මාධ්‍යවේදී රේන් වික්‍රමතුංග සහ ඇයට දාව උපන් ලසන්ත වික්‍රමතුංග ගේ දරුවන් තිදෙනා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් ඉල්ලා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිති.
වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් මේවනවිට මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.