මෙවර ‘Mirror Arts’කතා බහ සමග එක් උනේ හරින්දි ලියනගේ.
ඇය සම්මානලාභී මාධ්‍යවේදිනියක්. මෙරට ජනප්‍රියතම කාන්තා පුවත්පතක් වන ‘නවලිය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය වන්නේ ද ඇයයි.

ඉතින්, හරින්දි සමග ගෙවුණු මෙවර ‘Mirror Arts’ කතා බහ වඩාත් අපූර්ව එකක් බවට පත් උනා කිවුවොත් නිවැරදියි. ඒකට ප්‍රධාන හේතුවක් උනේ සංවාදය පුරාම හරින්දි විසින් පළ කල ධනාත්මක අදහස් දැක්වීම් බව කියන්න පුළුවන්.
විශේෂයෙන්ම අභියෝග ජයගැනීම, සාමූහිකව කටයුතු කිරීම, නිර්මාණශීලීත්වය, ධනාත්මකව අභියෝග වලට මුහුණ දීම වැනි කාරණා ගැන හරින්දි සිය වෘතීමය ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් පැවසූ කරුණු මේ කතා බහ නරඹන ඕනෑම කෙනෙකුට සිය ජීවිතය, රැකියාව පිළිබඳව අලුත් බලාපොරොත්තු දනවන්න සමත් වෙනවා නිසැකයි.
ඒ වගේම හරින්දි සමග මේ කතාබහ තුළ වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතාකරන්නත් ඉඩ හසර වෙන් උනා. විශේෂයෙන්ම නව මාධ්‍ය වල ආගමනය නිසා පුවත්පත් වැනි මාධ්‍ය වල ඉදිරිගමන හා අභියෝග ගැනත් මෙහිදී කතා බහ කළා.

මේ හැම දේම අතර හරින්දි සිය ජීවිතයේ සොදුරු අත්දැකීම් මෙන්ම මාධ්‍යවේදිනියක ලෙස ගොඩනැගීමේ ගමන් මග පිළිබඳවත් ‘Mirror Arts’ සමග අදහස් බෙදා හදා ගන්නට අමතක කළේ නෑ.
මෙම කතාබහේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට Mirror Arts යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
එම වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.
සංවාදය මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.