බාල වයස්කාර දැරියක් දූෂණය කළාට පුද්ගලයෙකුට වසර 12ක සිරදඬුවම්

0
33

බාල වයස්කාරියකව සිටි තැනැත්තියක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (26) දින නියෝග කළේය.

එසේම සැකකරුට රුපියල් 20,000ක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත.

එමෙන්ම වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත්, එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය.

එකල බාලවයස්කාර දැරියක වූ වින්දිත දැරිය අධිකරණ නියෝගයක් මත මාර්ගම ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිට පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සොයා පිටකොටුවට ගිය අවස්ථාවේදී සැකකරු විසින් වින්දිත දැරිය රවටා 2012 මාර්තු 04 දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඥාති නිවසකට ගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු වීම හරහා මෙම නියෝගය ලබා දී ඇත.

adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here