පෙර පාසල් අධ්‍යාපනයේ නියමු තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම

0
42

පෙර පාසල් අධ්‍යාපනයේ නියමු තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම ජපානයේ සහ ශ්‍රී ලංකාවේ අභිමානවත්ව සැමරේ

මෙරටට ජපන් පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වා දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකකදී මහත් අභිමානවත්ව පැවැත්විණි.

ජපානයේ පවතින ඉතාමත් නිවැරදි සහ දියුණු පෙර පාසල් අධ්‍යාපන  ක්‍රමය  මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන බානගල උපතිස්ස නා හිමියන්ට ඒ සඳහා ජපානයේ දී උසස් අධ්‍යාපනය ලබා දී, 1979 දී මෙරට ජපන් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල වන සපුගස්කන්දේ යොෂීඩා ෂෝකන්ජි පෙර පාසල ආරම්භ කිරීමට මුල් වූ ජපානයේ තකිකෝ යෝෂිඩා මැතිනියගේ 117 ජන්ම දින සමරුව පසුගියදා (16) ජපානයේ සවරා ලංකා ජී විහාරයේ දී සහ සපුගස්කන්ද අබේසේකරාරාම විහාරයේ දී පැවැත්විණි.

ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී  ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලංකා ජී විහාරයේ දී පැවති සමරු පුණ්‍ය මහෝත්සවය  සඳහා යොෂීඩා ජාත්‍යන්තර පාස‍ලේ සහ යොෂීඩා පෙර පාසලේ දරුවන්, එම දරු දැරියන්ගේ දෙමාපියන් සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වය ද ලැබුණි.

මෙරට ජපන් සම්ප්‍රදායේ පෙරපාසල් රැසක් ආරම්භ කිරීමට සහ දුෂ්කර ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට ජපාන දානපතියන් සමඟ එක්ව සහයෝගය ලබාදුන් තකිකෝ යෝෂිඩා මැතිනියට1991 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා රංජන ජනාධිපති සම්මානය පිරිනමන ලදී. එම සම්මානය ලද ප්‍රථම සහ එකම විදේශීය කාන්තාව යොෂීඩා මැතිනිය යි.1908 දී  උපත ලද යොෂීඩා මැතිනිය වසර 2000 දී අභාවප්‍රාප්ත වූවා ය.


(සටහන | ජේ.මුණසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here