‘මම සම්ප්‍රදාය අතික්‍රමණය කරන කෙනෙක්’ – මනෝහාරී හේවාවසම්

0
47

”කුමාරි පැමිණ සිටි පිරිස මැදින් පොලිසියේ පිරිස් වෙතට ඇවිද ගියේ වියරුවෙන් මෙනි. ඇය ඇඳ සිටි බ්ලවුසය දෙපසට ඇද ළය නිරාවරණය කළා ය.

කුමාරි තම ළයට වේගයෙන් ගසා ගනිමින් ‘තියපියව් වෙඩි, මරපියව් මාව, මාව නවත්තන්න කාටවත් බැහැ. මම මැරෙන්න බය නැහැ. උඹලට ඕනෙ නම් මාව මරපියව්.”

මේ කුමාරිගේ ඉවසීමේ කූටප්‍රාප්තිය යි; එය ම ඇගේ ජීවන ගමන් මගේ නව්‍ය මාවතක් පාදාගන්නට ඉඩ හසර සකසා දුන්නේ ඇගේ ජීවිතය පුරා විඳි අනේක විධි දුක් කම්කටොලු පලවා හරිමිනි.

ඇය එතරම් දුක් වින්දේ ඇයි ද යන්න නිවැරැදිව දැනගැනීමට අවැසි නම් ඔබ මනොහාරී හේවාවසම් විසින් රචිත ”පුරප්පට්ටුව” කෘතිය කියවිය යුතු ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ”පුරප්පට්ටුව” පිළිබඳ මනෝහාරි හේවාවසම් කළ සම්මුඛ සාකච්ඡාව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here