ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක වන රේණුකා ඒකනායක පෞද්ගලික හේතුවක් මත අගෝස්තු 08 සිට ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තනූජා එන්. ප්‍රනාන්දු සඳහන් කළාය.
රේණුකා ඒකනායක විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියකි. ඇය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ බිරිය ය.
පොලිස් කොමිසමේ පුරප්පාඩු 02ක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක කටයුතු කරනු ලබයි.
සභාපති ඇතුළු සාමාජිකයන් 07 දෙනෙකුගෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව සමන්විතය. ඒ අතරින් මෙතෙක් පොලිස් කොමිෂන් සභාවට පත්කර ඇත්තේ සාමාජිකයක් 06 දෙනෙක් පමණි. රේණුකා ඒකනායක හැරුණුකොට සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙක් වන කනපතිපිල්ලේ කරුණාරත්න, නීතිඥ දිල්ශාන් කපිල ජයසූරිය, ජනාධිපති නීතිඥ ඒ.ඒ.එම්. ඉල්ලියාස් සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ ය.
කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා 2024 වසරේ අප්‍රේල් 09 වැනිදා අභාවප්‍රාප්ත වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුවට නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කරනු ලැබීය.
එහෙත් සෙසු සාමාජික පුරප්පාඩුවට මෙතෙක් සාමාජිකයෙක් පත්කර නැත. රේණුකා ඒකනායකගේ ඉල්ලා අස්වීමත් සමඟ කොමිෂන් සභාවේ සාමාජික ධුර 02ක් පුරප්පාඩුව පවතියි.