ගැහැණු ළමුන්ගේ ඇඟේ හැඩයට ගැලපෙන්න ඇඳුම් තෝරා ගන්නේ කෙසේ ද?

    0
    17

    ගැහැණු ළමුන් ගැන කතා කරද්දි කතා නොකරම බැරි මාතෘකාවක් විදියට ඇදුම් විලාසිතා හදුන්වන්න පුළුවන්. වෙළඳපොළ තුළ දිනපතා අලුත් වන කාන්තා ඇඳුම් විලාසිතා ඕනතරම් දකින්න පුළුවන්. ගැහැණු ඔබ ඇඳුම් මිලදී ගත්තත් ඔබේ සිරුරේ හැඩය උස බර මත ඒවා නැවත නැවත තෝරාගන්නවා. ඇඳුමට අනුව සිරුර වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. නමුත් සැබැවින්ම ඔබේ සිරුරේ හැඩයට අනුව ගැලපෙන ඇඳුම ඔබව අන් අය අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්කරනවා.

    ඔබට වඩාත් හොදින් අඳින්න පුළුවන් වෙන්නේ ඔබේ සිරුරේ හැඩය නිසි පරිදි අවබෝධ කරගත් විටයි. එහෙම වුණහම ඔයාට වඩාත්ම ගැලපෙන ඇඳුම ඔයාට තෝරගන්න පුලුවන් වෙනවා. අපි වඩාත් පොදු ශරීර හැඩයන් ගැන කතා කරමු.

    01.ප්‍රතිලෝම ත්‍රිකෝණාකාර හැඩැති සිරුර (Inverted triangle)

    මේ හැඩය හරියට ත්‍රිකෝණයක් උඩුබැලි අතට හැරෙව්වා වගේ. ඒ කියන්නෙ උරහිස් පළලින් වැඩියි. මෙහෙම ශරීර හැඩයක් තියෙනවා නම් ඔයා ඇඳුම් විලාසිතා තෝරාගන්නකොට අපි වඩාත් සැලකිලිමත්වෙන්න ඕනා කකුල් වල සිහින් බව නොපෙනෙන ඈඳුම් තෝරගන්න. ඒ වගේම උඩුකයේ ඇඳුම් තෝරගන්නකොට ගොඩක් ආවරණය වෙන ඇඳුම් තෝරගන්න එක අවම කරන්න ඕන. විශාල අත්පටි, bar dot ගෙල, විශාල කරපටි වැනි දේ තෝරා ගැනීම සුදුසු නැත. විශේෂයෙන් ගොඩක් ආවරණය වෙන අත් මෝස්තරවලට වඩා සිහින් අත්පටි,ඇරුණු කර වැනි මෝස්තර සුදුසු වේ.
    කලිසම් තෝරාගැනීමේදී පුළුල් කකුල් සහිහ කලිසම් තෝරාගැනීම වඩා හොඳ බාහිර පෙනුමක් ලබාදෙයි. ගවුමක් නම් A Line සාය යෝග්‍ය වේ.

    1. සෘජුකෝණාසරාකාර හැඩය (Rectangle Shape)

    මෙම ශරීර හැඩය ඉහළ හා ඉණ කොටස එකම විශාලත්වයක් පෙන්වන අතර ඉන පැහැදිලිව වෙන්ව දැකීම අපහසුය. මෙය මළල ක්‍රීඩා ශරීර හැඩය ලෙසඳ හඳුන්වයි. විශේෂයෙන්ම මෙම ශරීර හැඩයට ඇඳුම් තෝරාගැනීමේදී ඉන ඉස්මතු කර දක්වන මෝස්තර තෝරාගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් ඉණපටි , High waisted කලිසම්, ඉනපටි සහිත ජැකට් වැනි තේරීම් ඉතා යෝග්‍ය වේ. මෙම තෝරාගැනීම් ඔබගේ ඉන වඩාත් ඉස්මතු කරන අතර ඉන් මනා පෙනුමක් ලබාගත හැකිය. V හැඩැති කර සහිත ඇඳුම් මෙම ශරීර හැඩයට ඉතාමත් සුදුසු වන අතර ඇඳුම්වල පහත කොටසට විවිධ වර්ණ හැඩතල සහිත වීම හොඳය. ඉන පෙදෙසේ වැඩි මෝස්තර යෙදීම සුදුසු නැත. සෘජුකෝණකාර ශරීර හැඩයට වඩාත් සුදුසු වන්නේ නිරාවරණය වූ අත්‍ ය. puff sleeve, futter, cutted, raglan වැනි අත් මෝස්තරද හොඳ පෙනුමක් ලබාදේ. උඩුකය සඳහා ඇඳුම් තෝරාගැනීමේදී ඉණ පෙදෙසෙන් අවසන් වන ඇඳුම් තෝරා ගැනීම වඩාත් සුදුසය. එය කළවා තෙක් දික් වූ විට ඔබේ සෘජුකෝණාස්‍රාකාර හැඩය වඩා ඉස්මතු වේ. ඉණ තවදුරටත් පළල් කර පෙන්වයි.

    1. ත්‍රිකෝණාකාර හැඩය (Regular Triangle)

    පටු උරයි සහ පුළුල් උගුලක් සහිත ශරීර හැඩයක් වේ. මෙම ශරීර හැඩයට අනුව ඔබ ඇඳුම් තෝරා ගැනීමේදී උරහිස් වල පළල වැඩි කරන ඇඳුම් මෝස්තර තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. උරහිස් කොටසට වැඩි පරිමාවක් ලබාදීම සදහා ළා පැහැති වර්ණත් උකුල් ප්‍රදේශයට අඩු පරිමාවක් ලබා දීම සඳහා අඳුරු වර්ණත් යොදා ගන්න පුළුවන්. මේ ශරීර හැඩය සඳහා puff sleeve, cap sleeve, මැණික් කටුව තෙක් දිග අත හෝ වැලමිට තෙක් දිගුවත් වැනි අත් විලාසිතා ගැලපෙනව ඒ උරහිස් වල පරිමාව වැඩිකර පෙන්වීමට ඔබ තෝරා ගන්න ඇඳුම්වල කර සඳහා cowl, Boat, Queen anne Neckline, Sabrina, Bateau එවැනි මෝස්තර වඩා සුදුසුය මෙම මෝස්තර ඔබගේ උරහිස් පළල් කර පෙන්වයි උඩු කය සඳහා බෝත්තම් සහිත උඩුකමිස ක්‍රොප්ටොප් සාක්කු සහිත කමිස සුදුසු වේ. Straight Leg, Boot cut, Wide Leg, Flare Leg වැනි කකුල් වල සිහින් බව වඩාත් නොපෙනෙන කලිසම් සුදුසුවේ ඔබ සායක් තෝරා ගන්නේ නම් ඒ ලයින් සාය, දන හිස තෙක් දිග සාය, wrap skirt වැනි උකුල් සීමාව ආසන්නයේම අවසන් වන සායක් තෝරා ගැනීමෙන් ඔබේ පෙනුම වඩාත් ආකර්ෂණය කරගත හැක.

    1. හෝර්ග්ලාස් හැඩය (Hourglass Body Shape)

    මෙම ශරීර හැඩයේදී ඌට හිස සහ උගුල සමාන ප්‍රමාණ හා එන සිහින් ව ඇත මෙම හැඩයේදී ශරීරය ඇති සිහින්ම කොටසේ ඉන්න වේ. ඔබ ඇඳුම් තෝරාගත යුතු වන්නේ උරහිසේ හා උකුලෙහි ඉතා සරල ලෙස පවතින සහ ඉණ මත දැඩි අලංකරන යෙදූ ඇඳුම් වන අතර ඉන් ඔබගේ ඉනෙහි සිහින් බව අවම කර සිරුරට සමානාත්මක හැඩයක් ලබා දෙයි. Box shape ඇඳුම් මෙම ශරීර හැඩයට නොගැලපේ. ඊට හේතුව එවිට උරහි සහ උකුල සමාන ප්‍රමාණ නිසා සිරුර වඩාත් පුළුල්ව පෙනීමයි. V Necks, High Neck Silvet, Sweetheart, Square වැනි කර මෝස්තර ඔබට සුදුසුයි. අත් නැති හෝ දිගුවක්ද ගැලපෙන අතර පරිමාව විශාල වී පෙනෙන අත් මෝස්තර වලින් වැළකී සිටීම සුදුසු වේ. එයින් උරහිසේ පළල තවත් වැඩි කර පෙන්වයි. Belt Tops, Wrap Top, Peplum Shirt වැනි ෂර්ට් ඔබට හොඳ පෙනුමක් ලබා දෙයි බොත්තම් ෂර්ට් ද හොඳ තෝරා ගැනීමකි. කොටස හිත මෝස්තර ඇති ඇඳුම් තෝරාගැනීමෙන් වැළකී සිටීම සුදුසුවේ උඩුකය සාක්කු සහිත මෝස්තර මගින් මගින් නිරූ. වැනි ෂර්ට් ඔබට හොඳ පෙනුමක් ලබා දෙයි බොත්තම් ෂර්ට් ද හොඳ තෝරා ගැනීමකි. කොටස හිත මෝස්තර ඇති ඇඳුම් තෝරාගැනීමෙන් වැළකී සිටීම සුදුසුවේ උඩුකය සාක්කු සහිත මෝස්තර මගින්. වැනි ෂර්ට් ඔබට හොඳ පෙනුමක් ලබා දෙයි බොත්තම් ෂර්ට් ද හොඳ තෝරා ගැනීමකි. කොටස හිත මෝස්තර ඇති ඇඳුම් තෝරාගැනීමෙන් වැළකී සිටීම සුදුසුවේ උඩුකය සාක්කු සහිත මෝස්තර මගින් උඩුකය වඩාත් පුළුල් කර පෙන්වයි. ඒ නිසා ඒවා බැහැර කිරීම සුදුසු වේ වඩාත් ආකර්ෂණීය වන්නේ වළලු කරතෙක් දිග හෝ ඊටත් මදක් පහළට වූ කලිසම් වේ. ඊට අමතරව Slim-fit, High Rise Jeans, Skinny Jean, Boot cut Jeans, Flared Jeans ද මනාව ගැළපේ.

    1. රවුම් හැඩය (Round or Apple shape)

    වටකරු වූ ශරීර හැඩයයි ඇපල් ගෙඩියක හැඩය ඇත මෙම හැඩයට උඩුකය හැකි තරම් සරලව තබා ගැනීම හොදයි. උරහිස් මත විශාල අලංකරණ නොයෙදෙන මෝස්තර තෝරා ගන්න තෝරා තෝරාගන්න වූ කර වැනි මෝස්තර උඩුකයට සුදුසුය උඩු කයට අත්තෝරා ගැනීමේදී අතට ඇරුණු අත් තෝරා නොගැනීම හොඳ ය. Flutter, Puff, Cuffed, Split Butterfly වැනි මෝස්තර සුදුසු වේ. Wrap Dress, Peplum Ruch Dress වැනි ඇඳුම් ඔබට මනා පෙනුමක් ලබාදෙයි. කලිසම් තෝරා ගැනීමේදී කකුල් විශාල කලිසම් වඩා සුදුසු වේ. එමගින් ඉණ පෙදෙස සිහින් කර පෙන්වයි එය ඔබට ඉතා ප්‍රසන්න පෙනුමක් ලබා දෙයි.

    This image has an empty alt attribute; its file name is image-247.png

    මේ ආකාරයට ඔබේ සිරුරේ හැඩය ගැන අවබෝධයක් ඇතිව ඇඳුම් තෝරා ගන්නා විට ඔබට වඩාත් සුදුසු ඇඳුම් තෝරාගැනීමට හැකියාව ලැබේ. එය ඔබේ පෙනුම තවත් වැඩි කරයි.

    උපුටා ගැනීම gasma

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here