ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ දී දත්තවල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් 22දින අරලියගහ මන්දිරයේ දී පැවැති eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධ සාකච්ඡාවේ දී ය.
මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අභියෝග විසඳීම සඳහා නව්‍ය, තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීම යි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය…
”පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍යයි.
මනා පුහුණුව ලත් මානසික සෞඛ්‍ය ශ්‍රම බලකායක් සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන සම්බන්ධීකරණ, බහු ආංශික සහ බහුවිධ ක්‍රියාමාර්ගයත් මෙහි දී ඉතා වැදගත්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණය සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන් අතර වන ඩිජිටල් සෞඛ්‍ය සහ දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳ අනවබෝධය යන අභියෝග ගණනාවක් පවතිනවා. ඒ පිලිබඳව අවබෝධයෙන් ඉදිරි කටයුතු කරමින් සිටිනවා.”
මෙම අවස්ථාවට කැනඩාවේ සෙනෙට් සභික Kathy Hay මහත්මිය, eMHIC (EEMICK) ජාත්‍යන්තර සහයෝගිතාවේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Anil Thapliyal ඇතුළු eMHIC ජාත්‍යන්තර සහයෝගිතාවේ නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ වෘත්තීය ආයතනවල නියෝජිතයින්, ඩිජිටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
