නිළි රැජින මාලනී ෆොන්සේකා පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනි සිකුරාදා පැවැත්වේ.
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන වෙනුවෙන්ද ශෝක යෝජනා විවාද මෙදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.
රංගනවේදී මාලනී ෆොන්සේකා පසුගිය මැයි මස 23 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.