විම්බල්ඩන් කිරුළ දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව

0
12

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පෝලන්තයේ ඉගා ස්වයිටෙක් සමත් විය.

ඒ පසුගියදා (12) පැවති අවසන් මහා තරගයේදී අමෙරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමිනි.

මෙම ජයත් සමග වසර 141ක (1884 සිට) විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස ඇයට ඉතිහාස ගතවීමට අවස්ථාව උදාවූවාය.

කෙසේ වෙතත් මෙය ඉගා ස්වියාටෙක් ජයගත් 6වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව විය.

අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 6-0ක් සහ 6-0ක් ලෙසය.

මෙලෙස විම්බල්ඩන් ටෙනිස් අවසන් මහා තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාව කිසිදු ලකුණක් රැස් කරගැනීමට අපොහොසත් වූයේද වසර 114කට (අවසන් වරට 1911) පසුව වීම විශේෂත්වයකි.

adaderana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here