යොවුන් කාන්තා T20 ලෝක කුසලාන සංග්‍රාමය අදින් ඇරඹේ

0
20

2025 ICC U19 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය අදින් (ජනවාරි 18) ආරම්භ වනවා.

ඒ, මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී යි.

තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර‍යි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින පළමු තරගය හෙට (19) සත්කාරක මැලේසියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙලින් සත්කාරක මැලේසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව සමඟ ‘A’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර හට හිමිව ඇති අතර, උප නායකත්වය දරනු ලබන්නේ මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි විසිනි.

අද සිට ආරම්භ කෙරෙන තරගාවලිය කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ දින 16 ක කාලයක් තුළ තරඟ 41 ක් වන පරිද්දෙනි.

එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය සහ අමෙරිකා එක්සත් ජනපදය B කාණ්ඩය යටතේ ද නවසීලන්තය, දකුණු අප්‍රිකාව, නයිජීරියාව සහ සැමෝවා C කාණ්ඩය යටතේ ද ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය D කාණ්ඩය යටතේ ද තරග කිරීමට නියමිතයි.

2025 ICC U19 කාන්තා T20 ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ, එහි දෙවන සංස්කරණය ලෙසයි.

2023 දී දකුණු අප්‍රිකාවේ පැවති සමාරම්භක ජයග්‍රහණය ලැබීමෙන් පසු මෙහි වත්මන් ශූරයන් බවට පත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි.

උපුටා ගැනීම monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here