දොඩම් ලෙල්ලෙන් ලස්සන වෙමු

    0
    12

    පහසුව නිසාම කෘත්‍රිම ආලේපන කරා බොහෝදෙනා යොමු වුණාට මොකද, රුව රකින බොහෝමයක් රහස් ස්වභාවික පරිසරයේ සැඟවිලා තියෙනවා.

    දොඩම් කියන්නෙත් එහෙම විශේෂයක්.

    දොඩම් කියූ සැනින් මතක් වෙන්නෙ කෑමක් වුණත්, දොඩම් කියන්නෙ හොඳ රුව සත්කාරයක්.

    එයිනුත් විශේෂයි දොඩම් ලෙලි. එහෙමත් නැත්නම් දොඩම් පොතු.

    ඉතින් අපි මේ සැරසෙන්නෙ, ඉවතලන දොඩම් පොතුවලින් ලස්සන වෙන්නෙ කොහොමද කියලා ඔයාට කියන්න.

    ට්‍රයි කරලා බලන්න, මේවා හරි ලේසි ක්‍රම.

    හිස කෙස් සඳහා දොඩම් පොතු :

    හිස කෙස් සෝදන්න සුදුසු ෂැම්පු වර්‍ගයක් ගෙදරදීම හදාගන්න ඔබට පුලුවන්.

    උළු හාල් 250 g ක්, සීයක්කා 250 g ක්, දොඩම් ලෙලි අහුරක්, ගස් පෙනල ගෙඩි 100 ක් හොඳට වේලලා කුඩු කරගන්න.

    ෂැම්පු කරන්න පැය දෙකකට පෙර උණු වතුර කෝප්ප භාගයක් කුඩු මේස හැදි එකකට හෝ දෙකකට දමා පෙගෙන්න තබා අනෙක් ෂැම්පු වගේම භාවිතා කරන්න.

    ඔබට හිස් හොරි නැති නීරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුලුවන්.

    මුහුණට දොඩම් පොතු :

    දොඩම් ගෙඩියේ කහ පාටට හුරු පොත්ත ඉවත් කළාම සුදු පැහැයෙන් පොත්තක් ඉතිරි වනවා.

    මේ සුදුපාට පොත්ත සෙමින් ඉවත් කර පසුව එය බ්ලෙන්ඩර් කර ගන්න.

    මේ විදිහට සකස් කරගත් මිශ්‍රණය ඔබේ මුහුණේ කුරුළෑ, ලප කැළැල් ඇති තැන්වල ආලේප කරන්න.

    නැවත කුරුළෑ ඒම වළක්වාලමින් සමේ ඇති ළප කැළැල්ද සුවපත් කරනවා.

    සම පැහැපත් කරන දොඩම් පොතු :

    දොඩම් පොතු ටික ඉවත් කරගෙන හොඳින් අව්වේ වියළා ගන්න.

    පසුව මේ දොඩම් පොතු බ්ලෙන්ඩර් කරගන්න.

    බ්ලෙන්ඩර් කරගත් දොඩම් පොතු කුඩුවලට කිරි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.

    දොඩම් පොතු ෆේස් පැක් :

    දොඩම් පොතු කුඩු මේස හැන්දක් ගන්න.

    තරමක් ඝන සහ සිනිඳු පේස්ට් එකක් සෑදීම සඳහා ප්‍රමාණවත් යෝගට් ප්‍රමාණයක් එයට එක් කරන්න.

    ඔබට අවශ්‍ය නම් කස්තුරි කහ ස්වල්පයක් ද එයට එක් කරන්න

    පිරිසිදු කළ මුහුණු මත මෙම මිශ්‍රණය ගල්වා විනාඩි 20ක් තබන්න

    වියළුණ පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

    හොඳ ප්‍රතිඵල සඳහා මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න.

    උපුටා ගැනීම monara

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here