ඉන්දියාවෙ අංක එකේ ෆීමේල් ස්ටෑන්ඩ් අප් කමීඩියන් ගෙ ජීවිත කතාව එයාගෙ වේදිකාවෙ කරන කතා තරම් හිනායන සුළු නෑ..
භාරතී ගෙ තාත්තා එයාලාව දාලා යන්නෙ භාරතී පොඩි කාලෙ.. රස්සාවක් නොතිබූ භාරතීගෙ අම්මට තිබ්බ එකම විකල්පෙ මෙහෙකාර සේවය..
මෙහෙකාර සේවයට යන භාරතීගෙ අම්මා භරතීව මේ තත්වෙට ගේන්න නොවිඳපු දුකක් නෑ..එයාගෙ අරමුණ හොඳ කොල්ලෙක්ට භාරතීව බන්දන්න දෑවැද්ද එක්කහු කරන ඒක ඒත් එහෙම වුනත් මේ තරබාරු තඩි සයිස් කෙල්ල කාට කියලා දීග තල දෙන්නද…? ඔය අතරෙ තමයි භාරතී කොමඩි රියැලිටියකට සහභාගී වෙන්නෙ..
හැමදාම යාළුවන්ගෙ, පාසැලේ, අසල්වැසියන්ගෙ සිනහවට භාජනය වුන භාරතීගෙ තරබාරු හිනායන සුළු ඇඟ නිසාම ඈට ආපු විසුළු පෙනුම නිසාම ඈ ප්රහසන ශිල්පිනියක් ලෙසින් එක රැයින් ජනප්රිය වෙනවා..මේ වන විට භාරතේ ඉන්න අංක එකේ ෆීමේල් ස්ටෑන්ඩ් අප් කමීඩියන් තමයි භාරතී.භාරතී නැති රියැලිටියක්, සම්මාන උළෙලක් ඉන්දියාවෙ නැති තරම්
ඒ වගේම ඈ දැන් තමන්ගෙ ඇඟත් සෑහෙන්න අඩු කරගෙන ලස්සන වෙලා.. ඒ වගේම ඈ දැන් විවාහක කාන්තාවක් වගේම මවක් වෙලත් ඉවරයි…
“කවදාවත් ඔබේ බාහිර පෙනුම ගැන ඔබ වද වෙන්න එපා.. දෙවියන් ඔබව මේ ලෝකෙට එවලා තියෙන්නෙ මොකක් හරි අරමුණක් වෙනුවෙන්.. කවදා හරි ඔබ වඩාත් දුක් වුන ඔබේ පෙනුම එදාට ඔබට ආශිර්වාදයක් වෙන්න පුළුවන්..”
Charith Moragoda මුහුණු පොතෙන් උපුටා ගැනුණි