අගමැතිනියගේ වෙසක් දින පණිවුඩය

0
18

රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසයි.

සිය වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ඇය පෙන්වාදුන්නේ ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුම දෙනාට ආරාධනා කරන බවයි.

මේ වනවිට අතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here