වයස 25ට අඩු විශ්ව විද්‍යාල සිසුවියන්ට රුසියාවෙන් රූබල් ලක්ෂයක්

0
35

රුසියාවේ කරේලියා කලාපය වයස 25 ට අඩු විශ්ව විද්‍යාල සිසුවියන්ට රූබල් 100,000 ක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ජනගහන වර්ධනය වැඩි කිරීම සඳහා නවතම පියවර මාලාවක් හඳුන්වා දෙමින්.

පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණෙන්, රුසියාව චීනය සහ ජපානය සමඟ එක්වී, කටයුතු කරන බව සඳහන්.

තරුණ කාන්තාවන් පවුල් ආරම්භ කිරීමට දිරිගැන්වීමේ උත්සාහයක් ලෙස,නිරෝගී දරුවෙකු බිහි කරන වයස අවුරුදු 25 ට අඩු ශිෂ්‍යාවන්ට රුබල් 100,000 ක සැලකිය යුතු දිරිගැන්වීමක් ලබා දෙන බවයි මොස්කව් ටයිම්ස් වාර්තා කරන්නේ.

මෙම ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන් දේශීය විශ්ව විද්‍යාලයක හෝ විද්‍යාලයක පූර්ණ කාලීන ශිෂ්‍යාවක් විය යුතු අතර, වයස අවුරුදු 25 ට අඩු සහ කරේලියාවේ පදිංචිකරුවෙක් විය යුතුයි.

නමුත් මළ දරු උපතක් සිදු කරන මව්වරුන්ට මෙම ප්‍රසාද දීමනාව ලබා ගත නොහැකි බව සඳහන්.

කෙසේ වෙතත්, හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය හේතුවෙන් දරුවා මිය ගියහොත් ගෙවීම අවලංගු වේද යන්න පැහැදිළි නැති අතර,ආබාධ සහිත දරුවන් බිහි කරන තරුණ මව්වරුන් මෙම ගෙවීම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න හෝ ළමා රැකවරණය සහ පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ වියදම් සඳහා උපකාර කිරීම සඳහා අමතර ප්‍රසාද ගෙවීම් ලැබේද යන්න නව ප්‍රතිපත්තියේ සඳහන් කර නැහැ.

මේවනවිට රුසියාවේ උපත් අනුපාතය ඓතිහාසික අවම මට්ටමකට ළඟා වී ඇති අතර, 2024 මුල් භාගයේදී රුසියාවේ උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 599,600 ක් පමණයි.

එය වසර 25 ක් තුළ අඩුම උපත් සංඛ්‍යාව සනිටුහන් කරන අතර 2023 දී එම කාල පරිච්ඡේදයට වඩා 16,000 ක අඩුවීමක් බවයි රුසියානු වාර්තා සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය රුසියාවේ අනාගතයට විනාශකාරී ලෙස බලපාන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා තිබෙනවා.

උපුටා ගැනීම monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here