“ජීවිතය විඳින්න ඕනේ… පෝස්ට් කරන්න නෙවෙයි” – රියා චක්‍රබෝර්ති සමාජ මාධ්‍යයෙන් ඈත් වෙයි

0
27

ජනප්‍රිය බොලිවුඩ් නිළි රියා චක්‍රබෝර්ති සමාජ මාධ්‍ය භාවිතයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නිරන්තර සයිබර් පීඩනය සහ ඩිජිටල් ජීවිතයේ වේගවත් ස්වභාවය හේතුවෙන් තමන් මානසිකව විඩාවට පත්ව ඇති බවයි ඇය පවසා ඇත්තේ.

සිය නිල Instagram ගිණුම හරහා සංවේදී සටහනක් තබමින් ඇය කියා තිබුණේ, දිගින් දිගටම සමාජ මාධ්‍ය තුළ ගත කිරීමෙන් තමන්ගේ සැබෑ ජීවිතය හා අභ්‍යන්තර සාමය ක්‍රමයෙන් අහිමිව ගොස් ඇති බවක් දැනුණු බවයි.

“හැම මොහොතක්ම කැමරාවකට සීමා කරනවා වෙනුවට ඒ මොහොත ඇත්තටම විඳින්න මට ඕනේ. ටික කාලයකට නිහඬව ඉඳලා, මගේම ජීවිතයත් එක්ක නැවත සම්බන්ධ වෙන්න මම තීරණය කළා,” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබුණා.

උපුටා ගැනීම face book

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here