Bollywood ගිණිසිළුව Sharvari Wagh

0
27

වර්තමාන බොලිවුඩයේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි සහ දක්ෂතම නව පරපුරේ නිළියක් විදිහට ශර්වරි වාග් හැඳින්වන්න පුළුවන්. සියුම් රංගන විලාසය මෙන්ම ආකර්ෂණීය පෙනුම නිසා ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වුණා.

බොලිවුඩ් සිනමාව සැමවිටම අලුත් මුහුණු සොයමින් සිටින්නේ. එවැනි සෙවුමකට ලැබුණු සාර්ථකම පිළිතුරක් තමයි ශර්වරි වාග් කියන්නේ. රූමත් නිළියකට එහා ගිය, ඕනෑම අභියෝගාත්මක චරිතයක් නිරූපණය කළ හැකි රංගන ශිල්පිනියක් ලෙස ඇය මේ වනවිටත් තම සලකුණ බොලිවුඩයේ තබා අවසන්.

1996 වසරේ මුම්බායි හි උපත ලැබූ ශර්වරි, දේශපාලනික පසුබිමක් සහිත පවුලකින් පැමිණියද ඇය තෝරාගත්තේ කලාවේ මාවතයි. ඇය මහාරාෂ්ට්‍ර හිටපු මහ ඇමති මනෝහර් ජෝෂිගේ මිණිබිරියක්. කබීර් ඛාන්ගේ ‘The Forgotten Army- Azaadi Ke Liye’ නමැති වෙබ් කතා මාලාව හරහා ඇය සිය රංගන ගමන ආරම්භ කළා. එහිදී ඇය දැක්වූ දක්ෂතාවය නිසාම බොලිවුඩයේ දැවැන්ත නිෂ්පාදන ආයතනයක් වන ‘යෂ් රාජ් ෆිල්ම්ස්’ හි අවධානය ඇය වෙත යොමු වුණා.

Bunty Aur Babli 2
Vedaa

2025 සහ 2026 වසරවල් ශර්වරිගේ ජීවිතයේ තීරණාත්මක වසරවල් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජෝන් ඒබ්‍රහම් සමඟ රඟපෑ ‘Vedaa’ චිත්‍රපටය හරහා ඇය ක්‍රියාදාම නිළියක ලෙස තම ප්‍රතිරූපය ගොඩනගා ගත්තා. මේ වනවිට ඇය මුළු ඉන්දියාවම බලා සිටින යෂ් රාජ් චිත්‍රපට සමාගමේ ‘Spy Universe’ හි කොටස්කාරියක වී සිටී. ආලියා භාත් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කරන‘Alpha’ චිත්‍රපටය හරහා ඇය ජාත්‍යන්තර මට්ටමේ අවධානයක් දිනා ගනු ඇතැයි විචාරකයෝ දැනටමත් පවසා අවසන්.පැරණි බොලිවුඩ් සම්ප්‍රදායන්ගෙන් මිදී, ස්වාභාවික රංගනය සහ දැඩි කැපවීම තුළින් ඉදිරියට යන ශර්වරි වාග්, ඉදිරි දශකයේ බොලිවුඩය පාලනය කරන ප්‍රධාන නිළියක් වනු නොඅනුමානයි.

පවනි දිලේකා

Navaliya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here