තනූජා ජයවර්ධන ‘මහරාණි කුමාරතුංග’ ලෙස පුංචි තිරයට!

0
48

ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් සහ නිවේදිකාවක් වන තනූජා ජයවර්ධන නවතම ටෙලි නාට්‍ය නිර්මාණයක් සදහා රංගනයෙන් එක්වී තිබෙනවා.

‘මහාරාණි’ ලෙස නම් කොට ඇති මෙම ටෙලි නාට්‍ය නිර්මාණය හරහා තනූජා ජයවර්ධන ‘මහරාණී කුමාරතුංග’ නම් චරිතයෙන් රංගනයට එක්වන අතර සිය මියගිය දියණිය වෙනුවෙන් සත්‍ය සොයා යන මවකගේ චරිතය නිරූපණය කරනවා.

මීට පෙර ද  තනුජා ජයවර්ධන “පොදු” වැනි ටෙලි නිර්මාණ සඳහා රංගනයෙන් දායක වී තිබුණ ද  ඇය මෙවැනි ප්‍රධාන චරිතයක් සදහා රංගනයෙන් එක් වන ප්‍රථම අවස්ථාව මෙයයි.

“මහාරණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ විශ්ව ලංකා පන්ඩිතරත්න විසින් වන අතර එළඹෙන සදුඳා සිට සතියේ දින වල රාත්‍රී 9.30 TV දෙරණ නාළිකාව හරහා මෙම ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.

කොටස් 60 කින් සමන්විත මෙම ටෙලි නිර්මාණය ත්‍රාසය, කුතුහලය පිරි ටෙලි නාටය නිර්මාණයක්.

පහතින් දැක්වෙන්නේ ටෙලි නාට්‍යයේ හඳුන්වාදීමේ ප්‍රචාරක පටයයි.

(ඡායාරූප උපුටා ගැනීම “Thanuja Jayawardana” ෆේස්බුක් පිටුව ඇසුරිනි)

mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here