රුව රකින තක්කාලි !

0
38

තක්කාලි කියූ සැනින්ම සිහියට එන්නෙ එළවළුවක්, පලතුරක්, ආහාර රස කරන රසකාරකයක් නේද.

නිකමට හරි හිතලා තියෙනවද තක්කාලිවලින් ලස්සන වෙන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් රුව රැකගන්න පුළුවන්ද කියලා.

මේ කියන්න යන්නෙ රුව රකින තක්කාලි සත්කාර කිහිපයක් ගැන.

තක්කාලි කියන්නෙ පහසුවෙන් සපයා ගත හැකි දෙයක් වන නිසාම මේ සරල සත්කාර අත්හදා බලන එක ඔබට එතරම් අපහසු නම් නොවේවි.

තක්කාලිවල ඇති ස්වාභාවික exfoliate කිරීමේ එන්සයිම බොහෝමයක් අඩංගු වීම නිසාවෙන් සම මතුපිට ඇති අපිරිසිදු බව පහකර හැරීමේ හැකියාවක් ඊට ඇත.

එමෙන්ම මැරුණු සෛල ඉවත් කිරීමේ හැකියාව ද තක්කාලි සතුව පවතියි.

තක්කාලි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් අනූනයි. එමඟින් ඔබේ සමට අත්කර දෙන වාසි රැසකි.

උදාහරණයක් හැටියට සම වයසට යෑම වැළකීමේ සුවිශේෂී හැකියාවක් තක්කාලි සතුයි.

ඔබට ඇත්තේ කුරුළෑ සහිත සමක් නම් තක්කාලිවලට පුළුවන් ඔබේ කුරුළෑ සුවපත් කරන්න. තක්කාලි යුෂ කුරුළෑ මත ආලේප කිරීමෙන් ඔබට සම සිදුරුවීමකින් තොරවම කුරුළෑ තත්ත්වය මඟහරවා ගත හැකියි.

ක්‍රමය :

ආසාදිත ස්ථානය හොඳින් ආවරණය වන පරිදි, තත්ත්පර 20ක පමණ කාලයක් තක්කාලි කැබැල්ලක් ගෙන මුහුණේ ආලේප කරන්න.

අනතුරුව පිරිසිදු ජලයෙන් මුහුණ සෝදා හරින්න.

මෙමඟින් සමෙහි ඇති කුරුළෑ පමණක් නොව කුණු දුහුවිලි ද ඉවත්කර ගත හැකිය.

දිනපතා මුහුණ සේදීමේදී සේදුම්කාරකයක් ලෙස ද තක්කාලි භාවිතා කළ හැකියි.

ක්‍රමය :

කුඩා බඳුනකට තක්කාලි යුෂ සහ ලෙමන් යුෂ එක්කර ගන්න.

පසුව පුළුන් කැබැල්ලක් ගෙන මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 05කට පමණ පසු සෝදාහරින්න.

මෙම සත්කාරය මඟින් සම වියපත් වීම වළක්වයි. එමෙන්ම සම වියළීම, රැළි වැටීම යනාදිය අවම කරයි.

දෑත් අව පැහැයක් ගැනීමද බොහෝවිට තරුණියන් මුහුණ දෙන ගැටළුකාරී තත්ත්වයකි. ඊට පිළියමක් ලෙසද තක්කාලි භාවිතා කළ හැකිය.

ක්‍රමය :

අර්තාපල් සහ තක්කාලි යුෂ රත් හඳුන් කුඩු සමඟ හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න.

මීට අමතරව තක්කාලි යුෂ, කහ කුඩු සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් ද යහපත් ප්‍රතිඵල ලද හැකිය.

monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here