එංගලන්තයේ පරිත්‍යාගශිලියෙකු විසින් ලබා දීමෙන් පසු බද්ධ කළ ගර්භාෂයක පිළිසිඳ ගත් ප්‍රථම බිලින්දා සාර්ථක ලෙස උපත ලබා ඇතැයි එංගලන්ත මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. තිස්හය වැනි වියෙහි පසුවන ගර්භාෂයක් බද්ධ කළ ග්‍රේස් ඩේවිඩ්සන් විසින් ප්‍රසූත කර ඇති මෙම බිලිඳු දැරිය ඇතැම් එංගලන්ත මාධ්‍ය විසින් හඳුන්වා දී ඇත්තේ ආශ්චර්යජනක දැරිය ලෙසයි.
මෙම බිලිඳියගේ මව වන ග්‍රේස් අක්‍රීය ගර්භාෂයක් සහිතව උපත ලැබීම හේතුවෙන් ඇයගේ සහෝදරිය විසින් පරිත්‍යාග කරනු ලැබූ ගර්භාෂය 2023 වසරේදී ඇයට බද්ධ කර තිබූ අතර එය එංගලන්තයේ මෙතෙක් සිදු කර ඇති එකම සාර්ථක ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම සේ සැලකේ. මෙසේ බද්ධ කරනු ලැබූ ගර්භාෂයක පිළිසිඳ ගැනීමෙන් පසු මෙලොව එළිය දැක ඇති බිලිඳියට ඇයගේ මවට ගර්භාෂය පරිත්‍යාග කළ තැනැත්තියගේ නම වන ඒමි යන නම තැබීමට පියවර ගෙන ඇත. ලොව ප්‍රථම ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ 2014 වසරේදී ස්වීඩනයේ වන අතර එතැන් සිට ලොව පුරා එවැනි සැත්කම් 135කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතත් ඒ හරහා සාර්ථක අයුරින් උපත ලබා ඇති දරුවන්ගේ සංඛ්‍යාව 65කි.