නිළි රැජිණ ගැන වාර්තා වන පුවත් අසත්‍යයි ! ඇත්ත තත්වය මෙන්න

0
21

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන පුවත අසත්‍යය බව ඇයගේ පවුලේ ඥාතීන් දිනමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ඇය ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වන විට ඇය සුව අතට පත්වෙමින් සිටින බව ත් පවුලේ ඥාතීන් දිනමිණට පැවසූ බවයි පුවත්පත වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here