එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට

0
6

එංගලන්තයේ පැවති 108 වැනි සමස්ථ එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට (All England Senior Badminton Championship)

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නදීශා ගයන්ති ක්‍රීඩිකාව, රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගෙන අද (15 ) උදෑසන යළි දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 25 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක ගේ සහභාගීත්වයෙන් පසුගිය 10වැනිදා සිට 12වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්විණි.

එහිදී නදීශා ගයන්ති වයස අවුරුදු 40 ට වැඩි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here