සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරන අසභ්‍ය වාචික අපහාස හා හිරිහැර කිරීම
පිළිබඳ ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්’ විරෝධය පළකර සිටියි.
එම සංවිධානයේ අධ්‍යක්ෂ මලිති හේවාවසම් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
එම නිවේදනය මතු පළවේ.
”සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ හිරිහැර කිරීම පිළිබඳව අප දැඩි ලෙස විරෝධය පළ කරමු. මෙවැනි හැසිරීම්, ඇයට ගැඹුරු මානසික හානියක් සිදුකරන අතර, අප සමාජය තුළ පවත්වා ගත යුතු ගරුකිරීම, මානව ගෞරවය සහ වගකීම් සහිත ඩිජිටල් සම්බන්ධතා අගයන් ද බිඳ දමයි.
සමාජ මාධ්‍ය වේදිකා සදාචාරාත්මක සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කළ යුතු අතර, බිය ගැන්වීම්, පුද්ගලික අපහාස හෝ සංවිධානාත්මක හිරිහැර සඳහා භාවිතා කළ යුතු ස්ථානයක් නොවේ. මෙවැනි ඉලක්කගත ක්‍රියාවන්, සයිබර් හිරිහැර, ඩිජිටල් වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම සහ විශේෂයෙන් කාන්තාවක ගේ ආරක්ෂාව හා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම් පිළිබඳව ගැඹුරු ගැටලු මතු කරයි.
අප සියලු සමාජ මාධ්‍ය භාවිතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අන්තර්ජාල හැසිරීම්වලදී වගකීම් සහිතව හා කරුණාවෙන් යුතුව කටයුතු කරන ලෙසයි. අසමත් වීමක් හෝ විවේචනයක් පවා කිසි විටෙක පුද්ගලික අපහාස හෝ අපරාධාත්මක හැසිරීම්වලට මාරු විය යුතු නැත. ප්‍රශස්ත සන්නිවේදනයක්, සෞඛ්‍යසම්පන්නව සහ සමාවේශී ඩිජිටල් පරිසරයක් රැක ගැනීමට අත්‍යවශ්‍යය.
එසේම, මෙවැනි ක්‍රියාවන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ඉක්මන් හා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සමාජ මාධ්‍ය වේදිකා සහ අදාළ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු. ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින්, පීඩිතයන් ආරක්ෂා කර සහාය ලබාදීම අත්‍යවශ්‍යය.
අප සියලුදෙනා එක්ව, අන්තර්ජාලයේ හා භෞතික ලෝකයේ සිදු වන සියලුම හිරිහැර සහ අපහාසවලට එරෙහිව එකමුතු විය යුතු අතර ගෞරවකිරීම, සමානාත්මතාව සහ ආරක්ෂාව පදනම් කරගත් සමාජයක් ගොඩනඟා ගැනීමට අපගේ කැපවීම නැවතත් තහවුරු කරමු.
(නිවේදනය අවසන්)





