කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩිකාව මිෂෙල්

Author

Categories

Share

කොළඹ විශ්ව විද්‍යාලයේ 2025 වසරට අදාලව පසුගියදා පැවති ක්‍රීඩා වර්ණ උත්සවයෙදී එම විශ්ව විද්‍යාලයේ , දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මිෂෙල් කැටගොඩ සම්මාන දිනා ගත්තේය.එම ශිෂත්ව මුදල ලබා දීම සිදුකරනු ලැබුවේ Colombo University Alumni Association of Victoria, Australia හි ආදී විද්‍යර්තයින් විසින් ලබා දීම විශේෂයත්වයකි.

විශ්වවිද්‍යාල ජීවිතය තුල එක් වරක් පමනක් දෙනු ලබන විශේෂ සම්මානය සහ ශිෂත්ව හිමි කරගනු ලැබු ක්‍රීඩිකාව ලෙස දෙව්මිනී වීරසිංහ සම්මාන දිනා ගනු ලැබිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අද්‍යාපන දෙපාර්තමේන්තුව සහ Amalgamated Club එක්ව සංවිධානය කරනු ලැබීය.

2025 වර්ෂයේ 15 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ඨ දක්ශතා දැක්වු සිසුන් ඇගයීම මෙහි දී සිදුවිය. මෙම අවස්තාව සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ වර්ණ ලාභීන් 400 කට අධික සංඛාවක් සහබාගී විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ  විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක සහබාගී වු අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස වෛද්‍ය රජිව් නිර්මලසිංහ සහබාගී විය.

(සටහන | සමීර මදුසංක හේවා ගමගේ )

Author

Share