අලුතින් විවාහ වුණු අයට සතුටු ආරංචියක්

0
77

අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.

නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා සඳහන් කළා.

රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිත අතර රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතයි.

ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන ණය මුදල ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ෆාතිමා සුමෙයියා

news19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here