අරුණ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

0
69

‘අරුණ’ පුවත් තේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ ආදරණිය මෑණියන් වු ලුණුගල, අත්තනගොල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී  පී.එම්.දෙවගෙදර මාතාව අද(24) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.


විශ්‍රාමික සමූපකාර කළමනාකාර ප්‍රේමදාස ඒකනායක ගේ බිරිඳ වු ඈ තිදරු මවකි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් රත්නජීව ඒකනායක හා බදුල්ල මහ රෝහලේ හෙදි නිලධාරිනි උදුලානි අමිලා ඒකනායක ඇගේ බාල පුතණුවන් හා දියණියය.

දෙවගෙදර මාතාව සතිඅග අරුණ හා ධරණි පුවත් පත්වල පුවත්පත්කලාවේදිනි නිතීඥ රෂ්නිකා ලියනගේ, ශෝභා ශ්‍යාමලී හපුතන්ත්‍රි හා යුනිලීවර් සමාගමේ අලෙවි කළමාණාකරු ඉන්දික නෙළුමි ගුණසිංහ යන අයගේ නැන්දණියද වේ.

දේහය පිලිබඳ අවසාන කටයුතු හෙට (25) බදුල්ල පොදු සුසාන භුමියේදි සිදුකෙරේ. දේහය බදුල්ල ‘තිසර’ මල් ශාලාවේ තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here