පිළිකා රෝගීන්ට හිසකෙස් පරිත්‍යාගයන් භාරගැනීම යළි ඇරඹෙයි

0
184

පිළිකා රෝගීන් සඳහා කෙස් කළඹ සෑදීමට අවශ්‍ය හිසකෙස් පරිත්‍යාගයන් භාරගැනීම යළි ආරම්භ කර තිබේ.

හිසකෙස් ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන්ට සෑම මසකම අවසන් සතියේ බදාද දින එම පරිත්‍යාගයන් සිදුකළ හැකියි.

පිළිකා රෝගීන් සඳහා සිදුකරන ප්‍රතිකාර හේතුවෙන් හිසකෙස් ගැලවීයාම නිසා එම රෝගීන් වෙත සකස් කළ හිසකෙස් නොමිලේ ලබාදීම සිදුකෙරේ.

ඒ සඳහා අවශ්‍ය හිසකෙස් පරිත්‍යාග ලබා ගැනීමේ කටයුතු යළි ආරම්භ කිරීම මහරගම ඉන්දිරා පිළිකා භාරයේදී සිදු කෙරුණි.

මෙම වැඩසටහන සඳහා ඉන්දිරා පිළිකා භාරය සහ රමනි සැලෝන් ආයතනය සහාය ලබාදෙනු ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද දෙපාර්ශ්වය අත්සන් තැබුණි.

පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන්ට සෑම මසකම අවසන් සතියේ බදාදා දින ඉන්දිරා පිළිකා භාරය වෙත පැමිණ හිසසේ පරිත්‍යාග සිදුකළ හැකියි.

itn.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here