ළමා සහ කාන්තා අපයෝජන පැමිණිලි ඉහළට

0
185

මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි.

ඒ, පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂවයි.

මෙම වසරේ මුල් මාස හයේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව, 9503 කි.

ඒ අතර බරපතල ළමා අපයෝජන සිදුවීම් 1620ක් වන බව, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේ ය.

බරපතල කාන්තා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 373 ක් ද, ලැබී තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක බවයි.

newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here