ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ ඉන්දීය ජනපතිනියට අක්තපත්‍ර භාරදෙයි

0
42

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.


ඊයේ (29) නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී ජනාධිපතිනිය වෙත නිල වශයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සිය අක්තපත්‍ර භාර දුනි.

මෙහිදී 2024 දෙසැම්බර් මාසයේදී ජනාධිපති දිසානායක ගේ ඉන්දීය සංචාරය සහ 2025 අප්‍රේල් මාසයේදී අගමැති මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයන් දෙරට අතර හවුල්කාරිත්වය විශිෂ්ට මට්ටමකට ඔසවා තැබූ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

විශේෂයෙන් අර්බුදකාරී කාලවලදී ලබා දුන් අඛණ්ඩ සහයෝගය සඳහා ඇය ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්වීම අනුමත කිරීමෙන් පසු මහීෂිනි කොලොන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත් කරනු ලැබිය.

මහීෂිනි කොලොන්නේ 2011 සිට 2014 දක්වා ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here