තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට තහවුරු වූ කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන රූත් චෙප්නිආටෙච් (Ruth Chepngetich) ට
තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. මේ තහනම පනවා ඇත්තේ (Athletics Integrity Unit – AIU) විසින්.
2024 ඔක්තෝබරයේ පැවති චිකාගෝ මැරතන් තරගයේදී චෙප්නිආටෙච් පැය 2යි මිනිත්තු 09යි තත්පර 56ක කාලයක් සටහන් කරමින් කළින් තිබූ මැරතන් වාර්තාව මකා දැමුවේ පැය 2යි මිනිත්තු 10ක බාධකය බිඳ දැමූ ඉතිහාසයේ පළමු කාන්තාව බවට පත්වෙමින්.
AIU නිවේදනයකට අනුව මේ 30 හැවිරිදි මැරතන් ක්‍රීඩිකාව Hydrochlorothiazide නමැති තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවට මාර්තු 14 වැනිදා ඇයගෙන් ලබා ගත් සාම්පලයෙන් ඔප්පු වී තිබෙනවා. ඉන්පසුව එය අප්‍රෙල් 3 වැනිදා තරග සංවිධායකයන්ට දන්වා තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පලයක අඩංගු ඔ්නෑම මට්ටමකම Hydrochlorothiazide 20ng/mL ප්‍රමාණයක් පරීක්ෂණයේ සෘණාත්මක ප්‍රතිඵලයක් ගෙන දෙන බවට තරග සංවිධායකයන් බලධාරීන්ට වාර්තා කරනවා. චෙප්ටිආටෙච්ගේ සාම්පලයේ ඇස්තමේන්තුගත 3,800ng/mL ප්‍රමාණයක් තිබූ බව AIU ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක තහනම් මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියයේ නීතියට අනුව Hydrochlorothiazide ද්‍රව්‍යය භාවිතය ක්‍රීඩාවේ සෑම අවස්ථාකම සපුරා තහනම්. මේ වරදට දෙවසරකට බලපාන ස්ථාවර තරග තහනමක් නියම කර තිබෙනවා.
චිකාගෝ මැරතන් තරගයේ තෙවතාවක ජයග්‍රාහිකාවක වන චේප්නාආටෙච් 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගත්තා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]