විවාහයට මසක් පිරෙන දිනයේ ජෝටාගේ වැන්දඹුවගෙන් හැඟීම්බර පෝස්ටුවක්

0
59

දැඩි කම්පාවට පත්ව සිටින ඩිඔගො ජෝටාගේ වැන්දඹුව ඔවුන්ගේ විවාහයෙන් මාසයකට පසුව ඇගේ සැමියාට හැඟීම්බර ගෞරවයක් පුදකර තිබෙනවා.

ලිවපූල් පාපන්දු තරුවගේ ඛේදජනක මරණයට දින 11කට පෙර විවාහ වූ දිනයේදී ඉතාමත් ප්‍රීතියෙන් සිටි යුවලගේ ඡායාරූප තුනක් 28 හැවිරිදි රූට් කාඩෝසෝ සමාජ මාධ්‍යයේ බෙදා ගෙන තිබෙනවා.

ඩිඔගො සහ රූට් ඔවුන්ගේ මංගල මුදු පෙනෙන පරිදි අත් අල්ලාගෙන ඇවිදින අයුරු එක් ඡායාරූපයකින් දිස්වනවා.

අනෙක් ඡායාරූප දෙක ගෙන තිබෙන්නේ ඔවුන්ගේ විවාහෝත්සවයේදී දෙදෙනා පළමු වරට නටමින් සිටියදී.

ජෝටා සහ ඔහුගේ සොහොයුරා වූ 25 හැවිරිදි ඇන්ඩෲ සිල්වා පාරු සේවයෙන් නැවත එංගලන්තය බලා යාම පිණිස යමින් සිටියදී සිදුවූ රිය අනතුරින් මිය ගියේ මේ මස මුලදී.

ජෝටා ඔහුගේ පාසල් වියේ පෙම්වතිය සමග විවාහ වූයේ මාරක අනතුරට සති දෙකකටත් අඩු කාලයකට පෙර.

ඔහුගේ මරණයට පැය 20කට පෙර ඩිඔගො සහ රූට් එක්ව සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් බෙදා ගනිමින් ඔවුන්ගේ විවාහය “අපට කවදාවත් අමතක නොවන දවසක්” යනුවෙන් සටහන් කර තිබුනා.

එක් ඡායාරූපයක් යටින් රූට්, “මගේ සිහිනය සැබෑ වුනා” යැයි ලියා තිබූ අතර ඩිඔගො ඊට පිළිතුරු දී තිබුනේ, “නමුත් වාසනාවන්තයා මමයි” යනුවෙන්.

නව යොවුන් වියේ සිටියදී පාසලේ මුණගැසුනු මේ යුවල වසර 13ක් එකිනෙකා සමග ප්‍රේමයෙන් වෙලී සිටියා.

සිවු හැවිරිදි සහ දෙහැවිරිදි පුතුන් දෙදෙනෙක් හා සිඟිති දියණියක් මේ දෙදෙනාට සිටිනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

සබැඳි පුවත් :

ඩිඔගෝ ජෝටා සිහිවීම පිණිස ලිවපූල් සමාජය අංක 20 කමිසය විශ්‍රාම ගන්වයි

ඩිඔගෝ ජෝටාගේ මාරක අනතුරට හේතුව අධික වේගයෙන් රිය පැදවීම – ස්පාඤ්ඤ පොලිසිය

රිය අනතුරින් මිය ගිය පෘතුගාල ක්‍රීඩකයාට ජගත් පාපන්දුවේ හා විම්බල්ඩන් පිටියේ ගෞරවය

රිය අනතුරකින් මිය ගිය පෘතුගාල-ලිවපූල් ක්‍රීඩක ඩිඔගෝ ජෝටා වෙනුවෙන් පාපන්දු ලොව වැලපෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here