හිංසනයෙන් තොර පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට ජාතික මට්ටමේ වැඩසටහනක්

0
16

කාන්තාව සහ දරුවන් සුරක්ෂිත කිරීමේ මූලිකම අංගයක් ලෙස, හිංසනයෙන් තොර පොදු ප්‍රවාහන සේවාවක් ඇතිකිරීම ඉලක්ක කර ගනිමින් “සුරක්ෂිත ගමනක් – සුරක්ෂිත සමාජයක්” නමින් ජාතික මට්ටමේ වැඩසටහනක් එළිදැක්වීම ඊයේ (23) බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපන් රජය ඒකාබද්ධව මෙම ජාතික මට්ටමේ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙ⁣ම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් , ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක , ජපාන තානාපති Akio Isomata , එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී සිටියහ.

කාන්තාව සහ දරුවන් සුරක්ෂිත කිරීමේ දී එහි මූලිකම අංගයක් ලෙස සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන අතර පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව තහවුරු කරමින් එය ජනතාවට විශ්වසනීය සහ ගෞරවනීය සේවයක් බවට පත්කිරීම මෙහි ඉලක්කය බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here