“භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්වී ක්‍රමවේදයක් සකසන්නැයි
නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි එහි වැඩ බලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම පැවසුවාය.
වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අනුව මෙම උපදෙස් ලැබී ඇය කීවාය.
ඒ අනුව, වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ නියෝජනය කරන රන්ගිරි දඹුල්ල සංඝ සභාව සමග ඉදිරි දිනවලදී මේ ගැන සාකච්ඡා කරන බව ද කොමසාරිස්වරිය පැවැසුවාය.
ඇය සඳහන් කළේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව භික්ෂුන් වහන්සේලාගේ හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු කිරීමක් කරගන්නා බවත් එපරිද්දෙන් ම භික්ෂුණින් වහන්සේලාට ද කිසියම් ක්‍රමවේදයක් සකසා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවත් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේට හැඳුනුම්පත නිකුත් කර ඇතැයි ද කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය.
රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ 2013 වසරේදී භික්ෂුණි පදනමින් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළේ, භික්ෂුණි අනන්‍යතාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු නොකිරීම නිසා ය.
පසුව ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර භික්ෂුණි පදනමින් පුද්ගල හැඳුනුම්පත නිකුත් කිරීමට අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
( mawbima.lk | Anjali Withanage )